ජන පවුර

View All

ඇමරිකාවේ උම්මත්තක ට්‍රම්ප් පාලනය වෙනිසියුලාවට බලහත්කාරයෙන් කඩාවැදීම තරයේ හෙලා දකිමු. 

 ජනමාධ්‍ය නිවේදනය                           …

Read More

ප්‍රවාපෙ. දිස්ත්‍රික් ක්‍රියාකාරින් රැස්වීම් රටපුරා

ඉදිරියේදී මතුවන දේශපාලන පියවරයන්ට සූදානම්වීම සදහා ප්‍රවාපෙ. දිස්ත්‍රික් සභාවන් රැස් කිරීමට තීරණය කර තිබේ. ඒ…

Read More

නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර පාසල් ගුරු සංගමයේ 25 වෙනි සංවත්සර උළෙල…

ජී.වී.ඩී.තිලකසිරි මහතා මහාචාර්ය ප්‍රසාද් හේරත් මහතා නිදහස් වෘත්තීය සමිති සංවර්ධන මධ්‍යස්ථානයේ හා  ශ්‍රී ලංකා පෙර…

Read More

දක්ෂිනාංශික එකමුතුවට ආණ්ඩුව බිද දැමීමට නොහැකිය. ජනතාවාදී ඉදිරියක් සදහා ඒකාබද්ධ ජන පවුරක්! 

මෙවර නවම් මස නැමියාවන් කීපයක් පෙන්නුම් කරයි. එක් අතකින් ඊසාන මොසමේ අගභාගය උතුරු නැගෙනහිරට දැනෙන අතර, දකුණු ප්‍රදේශය සූදානම් වන්නේ නිරිත දිග මෝසමේ බක්මහ අකුණු සමග එළඹෙන නව අවුරුදු උදාව දෙසටය. දුරුතු මස සිට රටටම දැනෙන කාලගුණික තත්වය වන්නේ වර්ෂාව මෙන්ම ගිණිගහන රෂ්මියත් යන දෙකම සම්මිශ්‍රිතව තැනින් තැන පැවතීමයි. ඒ අනුව ජනතාවගේ සිත්සතන් තුලින්ද දිස්වන්නේ මිශ්‍ර හැගීම් මුසුවූ දේශපාලන පෙලගැසීම්ය. 

Read More

විදේශ ශ්‍රමිකයින්ගේ පහසුකම් හා රැකවරනය සඳහා නව වැඩපිලිවෙලක් යෙදිය යුතුව ඇත.

2025 දී ශ්‍රී ලංකාවට සේවක ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.076 ක් සමඟින් නව සර්වකාලීන ඉහළම වාර්තාවක් පිහිටුවා ඇත. 2024 දී ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6 ට සාපේක්ෂව මෙම 22.8% වර්ධනයක් පෙන්නුම් කරයි.  මෑත වසරවල අත්විඳින ලද ඉහළ සේවක පිටවීම් සංඛ්‍යාව මගින් මෙම ආදායම් වැඩිවීම හැඩගැසී ඇත.

රටේ ගෙවුම් ශේෂය මත පීඩනය ලිහිල් කිරීම සඳහා සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, ඔවුන් විඳදරාගන්නා දුෂ්කරතා සහ කැපකිරීම් බොහෝ විට නොසලකා හරිනු ලැබේ.  සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන අභියෝග රාශියක් පවතී.  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයන දෙකකින් එය තහවුරු වී ඇති අතර,  විශේෂයෙන් කාන්තා ශ්‍රමිකයින්ගේ පවුල් හා දරුවන්ගේ තත්වය ඉතා අර්බූධකාරී තත්වයක පවතී.  විශේෂයෙන් විදේශ විනිමය සොයා එවනු ලබන ශ්‍රමිකයින්ගේ නිවාස පහසුකම, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම හා රැකවරනය ගැන රජය වඩාත් උනන්දුවෙන් කටයුතු කළ යුතු අතර, ඒ සදහා නව වැඩපිලිවෙලක් යෙදිය යුතුව ඇත.