නැගී එන පැසිස්ටි ප‍්‍රවනතා පරාජය කරමු.

 

සන්ඬේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා මහ දවාලක මහා මාර්ගයක් මැද බලහත්කාරයෙන් රථය නවතා අවිගත් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කිරීම අප තුල ඇති කොට ඇත්තේ දැඩි කම්පනයකි.

මෙය දෙපානම සිරස මාධ්‍ය මධ්‍යස්ථානයට අවි හා බෝමිබ රැගත් පිරිසක් පැමිණ සිදු කළ දැවැන්ත ප‍්‍රහාරයෙන් පැය 72ක් ඉක්ම යාමටත් මත්තෙත් සිදුවීම අපගේ කම්පනය තවත් තිව්ර කරයි.

සන්fඩි ලීඩර් පුවත්පත හා ලසන්ත වික‍්‍රමතුංග මහතා ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විවේචනාමත්මක ස්ථාවරයක පිහිටා කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ හා එම හවුලේ ප‍්‍රබලයෙකු බව අපි දනිමු.  ඔහුට හා එම පුවත්පතට එබඳු විවේචනාත්මක ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමට සෑම අයිතියක්ම ඇත.

ආණ්ඩුව පි‍්‍රය නොකරන සිරස මාධ්‍ය මධ්‍යස්ථානය විනාශ කර දැමීමත් ආණ්ඩුව කෙරේ විවේචනාත්මක ස්ථාවරයක සිටි ලසන්ත වික‍්‍රමතුංග මහතා අතිශය සාහසික ලෙස ඝාතනය කිරීමත් නිසා ආණ්ඩුවේ ආවරණය ලබමින් පැසිiaට් මාදිලියේ ප‍්‍රවනතා මතු වෙමින් පවතින්නේ යැයි සිතීම සාධාරණය.  පසුගිය කාලය තුල විටින් විට මෙවැනි සිද්ධීන් වාර්තා වූ අයුරු අපි දනිමු.  මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාට හා fඩිලි මිරර් පුවත්පතේ කතෘවරියකට එල්ල වු තර්ජනයන්ද ආරක්ෂක ලේකම් විසින් මාධ්‍යවේදීන් ගෙන්වා ගෙන කරන ලද බලපෑම් හා බියගැන්වීම්ද මානව හිමිකම් නීතිඥ වැලිඅමුණ මහතාගේ නිවසට එල්ල කළ බෝමිබ ප‍්‍රහාරයද  අපි fමි සමගම සිහිපත් කරමු. මෙබදු සිද්ධීන් නිසා බියපත් වූ සමහර මාධ්‍යවේදීන් හා වෙනත් පුද්ගලයන් රටහැර ගොස් ඇති බවද අපි දනිමු.

එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය සමයක මෙන්ම නැවතත් පැසිස්ට් මාදිලියේ කි‍්‍රයා රටාවක් මතුවීම ඉතා භයානක අනතුරුදායක තත්ත්වයකට නැවතත් ලාංකික සමාජය පත්වීමක් බව විශේෂයෙන් අවධාරණය කළ යුතුfවි. ලොව සෑම තැනකම වූ පරිදි යුධවාදී හා ජාතිවාදී ඝෝෂාව අවසාන වන්නේ පැසිස්ට් තාලයේ භීෂණයකින් බව අප තරයේම සිහියේ තබා ගත යුතුය.

පැසිස්ට් තාලයේ මෙබදු භීෂණයන්ට එරෙහිව සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන් ඒකරාශී වී මේ නැගී එන මර්ධනකාරී තර්ජනය පරාජය කිරීමේ වගකීම අද අප හමුවේ බරපතල ලෙස මතුව ඇත.  ඒ ලෙසම මෙම සිද්ධීන් ගසාකමින් එක්සත් ජාතික පක්යේ ප‍්‍රතිගාමී හවුල ආණ්ඩු  විරෝධී දේශපාලන රැල්ලක් මතුකර ගැනීමට දරණ වෑයමද පරාජය කළ යුතුය.

වාසුදේව නානායක්කා     - ලේකම්(2009 ජනවාරි 9)