සිරස මාධ්‍ය ජාලය වැනසීමට සිදුකල ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය.

 

ත‍්‍රස්තවාදය පරාජය කිරිමෙ අරමුණින් ක‍්‍රියා කරන ජනාධිපතිතුමා ඇතුළු රජයට මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය නිසා ඇතිවී තිබෙනුයේ මහත් අවමානයකි.  උතුරේ ත‍්‍රස්තවාදය පරාජය වීම ගැන පවත්වන උත්සව මධ්‍යයේ දකුණේ අගනුවර ප‍්‍රදේශය තුළම මෙබඳු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් සිදුවීම මර්ධනීය භීෂනයක බරපතල සංඥාවකි.  එමෙන්ම රජය වෙත එල්ල කල අභියෝගයකි.

රfටි නිතීය පාගා දමමින් ජනමාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනය කරමින් fමි තරමි විශාල පිරිසක් මෙසේ සංවිධානය වී සන්ද්ධව ක‍්‍රියාත්මක වීම මෙරට ජනතාවගේ හෘද සාක්‍ෂිය කමිපා කරවයි.

වන්දි බටිට ජන මාධ්‍යයන් මධ්‍යයේ රජය ගැනත් රජයේ බලවත් පුද්ගලයන් ගැනත් රජයට විරුද්ධවාදීවත් මෙම ජන මාධ්‍ය ජාලය ක‍්‍රියාත්මකවීම මෙරට පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ගැන තිබූ බලවත්ම සාක්‍ෂියකි.  එහි ගෞරවය ලැබුණේ රජයමය.   මෙම ප‍්‍රහාරය පිටුපස ක‍්‍රියාත්මක වු සංවිධානාත්මක පිරිසට රජය අනුබල නොදුන් බව ලෝකයා ඉදිරියේ සහතික කල හැක්කේ ඔවුන් නීතිය ඉදිරියට පැමිණ වීfමින් පමණි.

සිරස මාධ්‍යය පසෙක තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිදුකල මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය ගැන විරෝධය පල කිරිමට ඉදිරිපත් නොවන සියළු සංවිධාන මෙම ප‍්‍රහාරය ගැන අනුකුලත්වයක් දක්වන බව නිගමනය කල යුතුය.  එසේ නමි ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරන් ලෙසද හඳුනාගත යුතුවි.

මෙම සිද්ධියට දින දෙකකට පෙර බෝමිබ ප‍්‍රහාරයකින් ලබා දුන්  සංඥාව අනුව පොලිසිය ක‍්‍රියාත්මක වී ආරක්‍ෂක පියවරක් නොගැනීම පුදුම සහගතය.  මෙම සිද්ධියට සමිබන්ධ අපරාධකරුවන් ගැන තොරතුරක් හෝ අරංචියක් දින ගනණක් තුළ රටට ලබා දීමට රජය අපොහොසත් වුවහොත් ත‍්‍රස්තවාදී අරාජිකත්වයක් රටෙහි හිස ඔසවනු ඇතැයි සාමකාමී ජනතාව බිය පත්වනු ඇත.  මීට වරසකට පමණ පෙර ලීඩර් ආයතනයට සිදුකල මෙබඳුම ප‍්‍රහාරයක් පිළිබඳ පරික්‍ෂණ වලින් කිසිදා ප‍්‍රතිඵලයක් නොවූ බවද මෙහිදී සිහිපත් කල යුතුය.  මෙම සිද්ධිය පිළිබඳ පරික්‍ෂණද කෙලවර වන්නේ එම ආකාරයෙන්ම නමි පොලිසිය හෙලා දැකීමටද පොලිසිය ගැන වග කියන රජය හෙලා දැකීමටද අප පැකිලෙන්නේ නැත.

වාසුදේව නානායක්කා     - ලේකම්(2009 ජනවාරි 6)