ශක්තිය පුවත්පත ගොඩනැගීමට ආධාර කරන්න

 

ශක්තිය පුවත්පත  ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ සාධාරණත්වය පදනම් වූ දේශපාලන ගමනක අපේක්ෂාව පෙරදැරිකර ගෙන එලිදක්වනු ලබයි.  එසේම සාමකාමී ශ්‍රී ලංකාවක පදනම වූ දෙමළ මුස්ලිම් ජනතාවගේ සමාන අයිතිවාසිකම තහවුරු කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කරයි.

නව නිදහස්වාදී ආර්ථික පිලිවෙත නිසා ජනතාවගේ ජිවන තත්ත්වයන් විනාශවී යාමටත්, බහුජාතික සමාගම් පද්ධතිය මගින් දේශීය සම්පත් කොල්ලකෑමට විරුද්ධව ලෝකය පුරා මතු වෙමින් පවතින බහු ජනතා ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරිත්වය සමග ශක්තිය අත්වැල් බැදගනී.  එබැවින් පීඩිත ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් ශක්තිය විවෘතව පෙනී සිටී.

ශක්තිය මුද්‍රණයෙන් එලිදකින්නේ සම‍ාජ ප්‍රතිසංස්කරන අපේක්ෂාවෙන් කටයුතු කරන ප්‍රබුද්ධයින්‍ පිරිසකගේ උත්සාහයෙන් හා කැපවීමෙනි.  අප ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ සතිපතා රටපුරා බෙදීයන පුවත් පතක් වාමාංශික, ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී  සවිඥානක දේශපාලන ක්‍රියාධරයන්ට ලබා දීමටය.

ඒ සදහා ඔබටත් දායක විය හැකිය.

ඔ‍බගේ ආධාර මුදල්  ශක්තිය සමාජය නමින් ලංකා බැංකු‍ෙවි හයිඩිපාක් ශාඛාවේ අංක 0008286509 දරණ ගිණුමට බැර කරන්න.