ශක්තිය වෙබ් අඩවිය

 

"ශක්තිය සමාජය" පොදුජන පාර්ශවීය වූ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් සමාජවාදී සංවාදයක් සදහ‍‍ එක්වු වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ පුළුල් පරාසයක් තුල නව ලොවක් දකින පිරිසකි.

දැක්ම

 

අධිරාජ්‍යවාදි ගෝලීයකරණය විසින් නිර්මානය කරන ලද පොදු ව්‍යසනය දුරුකර ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මානය කෙරෙන යහපත් සමාජවාදී ලෝකයක් බිහිකර ගැනීම අපගේ දැක්මය.

මෙහෙවර

 

අධිරාජ්‍යවාදි ලෝක වටපිටාව නිසා සමාජ ආර්ථිකය පමණක් නොව පරිසරය හා ජෛව ගෝලයද විනාශයට පත්වේ.  එසේම ලෝක බලවතන්ගේ උවමනාව අනුව රටවල් බෙදා වෙන් කිරීම් හා ආධිපත්‍ය හැසිරවීමි නිසා ලෝක යුද්ධ තර්ජනයක් නිර්මානය වෙමින් පවති. අසාධාරණ වෙළදාම හා ණය කොන්දේසි මගින් ඒකරාශී කරගත් මූල්‍ය ප්‍රාග්ධනය යොදා ගනිමින්  සංවර්ධනය වෙමින් පවතින රටවල් නව වහල් භාවයකට පත් කිරීම යනාදි කරුණුවලට  විරුද්ධව පෙනි සිටිමින් කටයුතු කිරීම.

එසේම වැඩකරන ජනතා ව්‍යාපාරයේ මතවාදය ශක්තිමත් කිරිම. ලංකාවේ ජනවාර්ගික ගැටුම සමථයකට පත් කර ගැනිම සදහා දේශපාලන විසදුම් ක්‍රියාවලියක් පණගැන්වීමට සහයවීම හා ජාතික සමගිය ගොඩනැගිම. දිලිදුකම පිටුදැකීම, යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාව ශක්තිමත් කිරීම, නොවහල් සංස්කෘතික නව ජීවයක් තුල පාරිභෝජනවාදයෙන් ඔබ්බට යන ආධ්‍යාත්මික පිවිසුමක් ආදි පුළුල් කේෂ්ත්‍රයන් ඔස්සේ අපගේ මෙහෙවර විහිදී පවතී.

ක්‍රියාකාරිත්වය

 

අපගේ එක්වීම "ශක්තිය සමාජය" ලෙස ව්‍යුහගතවී ති‍ෙබ්.  අප දේශපාලන පක්ෂයක් යටතේම මෙහෙයවෙන ආයතනයක් නොවේ.  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සිට සමාජවාදී ජනතා පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් අතර පුළුල් පරාසය අපගේ දේශපාලන පථයට පාදකවේ.  එම පරාසය ඔස්සේ ගොනුවී සිටින ජනකායෙන් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් අවදිවී සිටින දේශපාලනික පිරිස අපගේ ඉලක්ක කණ්ඩායමයි.  සමාජවාදි සංවාදය ඔවුන් වෙත ගෙනයාම අපගේ ක්‍රියාකාරිත්වයයි.

මේ වෙනු‍ෙවන් අප භාෂා තුනකින් කටයුත කරනු ලැබේ. සිංහල භාෂාවෙන් "ශක්තිය" මාස්පතා නිකුත් කෙරෙන අතර එයට අනුරූප ලෙස දෙමළ භාෂාවෙන්  "සත්‍යම්"  පුවත්පත නිකත් කෙරේ.  ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රෛමාසිකව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් නිකුත් කරනු ලබන නිවුස් ලෙටර් හා පුවත්පත් නිවේදනයන් සදහාද සමාජවාදී ජනතා පෙරමුණේ නිවේදනයන් හා ප්‍රකාශයන් වෙනුවෙන්ද අපගේ වෙබි අඩවිය විවෘතව පවතී.  සංවාදයට එක්වෙන සියළු පිරිස් සදහාද අප විවෘතය.

ශක්තිය සමාජයේ මෙහෙයුම්කරුවන්

 

  • වාසුදේව නානායක්කාර    - සභාපති
  • ජි.වී.ඩී.තිලකසිරි‍               - ලේකම්
  • ඩඩ්ලි කලංසුරිය                - භාණ්ඩාගාරික

සත්‍යම්

  • එස්. මෝහන්
  • එස්.ජොතිවේල්

නිවුස් ලෙටර්

  • මහාචාර්ය කුමාර් ඩේවිඩ්
  • බී.ස්කන්ධරාජා